gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අතරමංව සිටි හදුන් දිවි පැටවුන්ට බලල් මවකගෙන් සෙනෙහස…

මස්කෙලිය සමිමලේ ගවරවිල තේ වතු යායේ මවගෙන් වෙන් වි අතරමංව සිටි කුඩා හදුන් දිවි පැටවුන්ට බලල් මවකගෙන් සෙනෙහස ලැබි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් පැවසිය.

එම තේ වතු යායේ කාණුවත් මත මෙම පැටවුන් දෙදෙනා අතරමංව සිටියදි තේ දළු නෙලමින් සිටි  වතු කම්කරුවන් ඊයේ (15) මෙම හදුන් දිවි පැටවුන්
තිදෙනා නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට භාර දි ඇත.

සති තුනක් පමණ වයසඇති මෙම හදුන් දිවි පැටවුන් තිදෙනාට නල්ලතන්නිය වනජිවි කාර්යයලයේ සුරතලේට ඇති කල බැලලියක් එම බැලලිය බිහි කල බලල් පැටවුන් තිදෙනාට සහ මෙම හදුන් දිවි පැටවුන්  තිදෙනාට එක සේ සෙනෙහස දක්වමින් මව් කිරි ලබාදෙන බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.

එම බැලලිය බලල් පැටවුන් සහ හදුන් දිවි  පැටවුන් කිසිවෙකුටත් ඇල්ලිමට පවා ඉඩ ලබානොදෙන බවත්, එම හදුන් දිවි පැටවුන් හොදින් වැඩුණු පසු ඔහුන්ට සුදුසු පරිසරයකට මුදා හැරිමට කටයුතු කරන බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ සහකාර අඩවි වන නිලධාරින් ප්‍රභෂ් කරුනාතිලක මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka