gossip lanka

සැමියා මරා මෙහෙණියක වූ කතකට මරණ දඬුවම

අනියම් සැමියා සමඟ එකතු වී තම සැමියා ඝාතනය කළ තිදරු මවක් අනතුරුව ඇල්දෙණියේ සීල කාන්තා යන නමින් මෙහෙණියක් බවට පත් වී ඇති අතර ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (17දා) අනියම් සැමියාට හා එකී මෙහෙණියට මරණ දඬුවම නියම කළේය.

1999.10.22 යන දිනයේදී ඇල්දෙණියේ පදිංචි ඩී. කිංස්ලි තිරිමාන්න යන අය මෙසේ ඝාතනය කර තිබූ අතර පළමු විත්තිකරු වූ රොහාන් පෙරේරා යන අය
අධිකරණයේ පෙනී නොසිටියේය. ඔහු අධිකරණය මඟහරිමින් සිටියදී මෙම නඩුව විභාග කෙරිණි. 01 හා 02 චෝදනා දෙකට වරදකරු වූ පළමු විත්තිකරුටත් තම සැමියා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් දෙවැනි විත්තිකාර තැනැත්තියටත් මරණ දඬුවම් නියම කරන ලදී.

පළමු විත්තිකරුට වරෙන්තු නිකුත් කළ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නියෝග කෙරිණි.

පැමිණිල්ල මෙහෙයවූයේ රජයේ නීතිඥ නුවන් කෞෂල්‍ය මහතා විසිනි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් රනිල් කාරියප්පෙරුම මහතා පෙනී සිටි අතර විත්තිකාරිය වෙනුවෙන් රජයේ නීතිඥවරියක් පෙනී සිටියාය. කඩවත පොලිසියේ පො.කො. අසංක (3160) මහතා පැමිණිල්ලට සහාය විය.




gossip lanka