gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති මෛත‍්‍රී වගේ පාලකයෙක් අපට එපා..- සරත් විජේසූරිය


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඒකායන බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ බලයේ රැඳී සිටීම බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම ව්‍යාපාරයේ රාජගිරිය කාර්යාලයේදී පැවති පුරවැසි බලය මාධ්‍ය හමුව අමතමිනි.

ජනාධිපතිවරයා ගේ ඒකායන පරමාර්ථය වී ඇත්තේ කෙසේ හෝ බලය රැඳී සිටිම බවත් හෘද සාක්ෂියක් ඇති පුරවැසියන් ලෙස තමන්ට මෙවැනි පාලකයෙක් අවශ්‍ය නැති බවත් ඔහු සඳහන් කළේය.

රටට අවශ්‍යව ඇත්තේ සියලු පුරවැසියන්ට යුක්තිය ඉටු කරන නීතිය අනුව රට පාලනය කරන පාලකයෙක් බව ද ඔහු පැවසීය.

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු ජාතීන්ගේ ඡන්ද ලබාගත් බවත් අද ඔහු සියලු දෙනාට ම එක ලෙස සැලකිය යුතු බවත් ඒ මහතා තව දුරටත් සදහන් කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka