gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැඳුම්කර නිර්දේශ ක්‍රියාත්මක නොකළැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම තුළින් නීතිපතිවරයා සහ අල්ලස් කොමිසම මූලික අයිතීන් කඩ කර ඇතැයි කියමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (17) රිට් පෙත්සමක් ගොනු කළේය.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අල්ලස්
කොමිසමේ සාමාජිකයන් සහ බැඳුම්කර කොමිසමේ සාමාජිකයින්ද නම් කර ඇත.

පෙත්සම්කාර නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වා දෙන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම නිර්දේශ ගණනාවක් නීතිපතිවරයා හා අල්ලස් කොමිසම වෙත නිකුත් කර ඇති බවය.

එම නිර්දේශ නිකුත් වී වසරකට වැඩි කාලයක් ගතවී තිබුණද ඒවා ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයා සහ අල්ලස් කොමිසම අසමත්ව සිටින බව චෝදනා කරන පෙත්සම්කාර නීතීඥවරයා මේ තුළින් සිය මූලික අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන මෙන්ද ඉල්ලීමක් කළේය.

එමෙන්ම අදාළ නිර්දේශ පිළිබඳව නොපමාව පරීක්ෂණ පවත්වා අවශ්‍ය පියවර ගන්නැයි නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(ලංකාදීප)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka