gossip lanka

සිංහරාජයේ සිටි 'සුදු ගෝනා' මරා දමලා

සිංහරාජ වනාන්තරයේ ජීවත්වූ ඉතා දුර්ලභ ගණයේ සතෙකු වූ 'සුදු ගෝනා' ඊයේ (11 දා) වෙඩි තබා මරා දමා ඇතැයි සිංහරාජ අඩවි ආරක්‌ෂක අංශය පවසයි.

 සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිටි තේක්‌ක වත්තක තිබී වෙඩි වැදී මියගොස්‌ සිටි සුදු ගෝනාගේ සිරුර හමුවී ඇත.

 කිසියම් අයෙකු විසින් මෙම සත්වයාට වෙඩි තබා
ඝාතනය කර ඇති බව සිංහරාජය අසල පිහිටි ගමක කාන්තාවක්‌ විසින් වනජීවි කාර්යාලයට දැනුම්දී ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වූ වනජීවි නිලධාරීන් සිද්ධිය පිළිබඳව මේ වන විට පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත.

 'සුදු ගෝනා' දින කීපයකට පෙර මරා දමන්නට ඇතැයි සැක කරන බවත් එය කවුරුන් විසින් සිදුකළේද යන්න පිළිබඳව සෙවීම සඳහා ඉදිරි විමර්ශන සිදු කරන බවතA සිංහරාජ අඩවි ආරක්‌ෂක ආර්. ඒ. එස්‌. රනුක්‌කන්ද මහතා පැවසීය. සිංහරාජයේ 'සුදු ගෝනා' ඝාතනය කළවුන් සොයා අත්අඩංගුවට ගෙන හැකි ඉක්‌මණනින් නීතිය හමුවට පමුණුවන ලෙස වනජීවි නිලධාරීන්ට සහ පොලිසියට උපදෙස්‌ ලබා දුන් බව වනජීවි නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (11 දා) සවස කියා සිටියේය.

- දිවයින


gossip lanka