gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේදී පොලිස් ජිප් රථයක් හොරු අරන්

යාපනය, කොඩිකාමම් පොලීසියට අයත්ව තිබු ජිප් රථයක් පැහැරගත් සැකකරුවන් පිරිසක් අදාළ ජිප් රථය සමඟින් අත්අඩංගුවට ගත් බව යාපනය කොඩිකාමම් පොලීසිය පවසයි.

ඊයේ(11) රාත්‍රි‍යේදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

කොඩිකාමම්, කච්චායි, පාලවි ප්‍රදේශයේ වැලි
ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ගොස් ජිප් රථය නවතා තිබියදී කණ්ඩායමක් ජිප් රථය පැහැර ගැනීම සිදුකොට ඇති බවයි.

එහිදි ක්‍රියාත්මක වු පොලිස් නිළධාරීන් ජිප් රථය හඹා ගොස් සැකකරුවන් හා ජිප් රථය අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.

අදාළ අවස්ථාවේ සැකකරුවෙකු හා ජිප් රථය අත්අඩංගුවට ගත් අතර, අනතුරුව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන බවද පොලීසිය සඳහන් කළේය.

පොලිසිය වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය අවස්ථාවේ ජාවාරමට සම්බන්ධ පිරිසක් ජිප් රථය රැගෙන පළාගොස් ඇති බවට යාපනය ආරක්ෂක අංශ පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka