gossip lanka

අද දිනයෙන් පසු කාලගුණය වෙනස් වෙන හැටි මෙන්න

දිවයිනට දැනට බලපා ඇති උණුසුම් කාලගුණික තත්ත්වය අදින් පසු තරමක අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව යන පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව පසුගිය දින කිහිපය තුළම ඒකාකාරීව
පැවති සුළං තත්ත්වයේ ද සුළු වැඩි වීමක් අපේක්ෂා කරනු ඇති.

දැනට දිස්ත්‍රික්ක 17කට බලපා ඇති වියළි කාලගුණයෙන් පුද්ගලයින් අට ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

ඇතැම් ප්‍රදේශවල ජනතාව පානීය ජල ගැටළුවලට පවා මුහුණදී ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, මහවැලි ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙලට ඊයේ එක්වෙමින් සඳහන් කළේ පවතින නියං කාලය වී අස්වැන්න සාර්ථකව ලබා ගැනීමට ආශිර්වාදයක් වී ඇති බවයි.

gossip lanka