gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසිය ජනාධිපති යටතට !


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජීවිත ආරක්ෂාව ඇතුළුව රටේම ආරක්ෂාව බරපතළ ලෙස අවදානමකට ලක්ව තිබෙන නිසා පොලිසිය භාර අමාත්‍යාංශය වහාම ජනාධිපතිවරයා යටතට ගතයුතු බවට යෝජනාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට ශ්‍රී ලනිපයේ කණ්ඩායමක් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජනයක් වන
ආකාරයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු කර තිබෙන ප්‍රකාශය ඉතා බරපතළ බවත් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියාකළ යුතු බව පවසමින් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කිරීම ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

අණ්ඩුවෙන් ඉවත් වීමට කාලය ඇවිත් :

මීට අමතරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමට සූදානම් වීම, සරත් ෆොන්සේකා අමාත්‍යවරයා යුද හමුදාපතිවරයාට ⁣දොස් පැවරීම යන කාරණා මඟින් ආණ්ඩුව තුළ බරපතළ බෙදීමක් දක්නට තිබෙන බවත් මෙය ආණ්ඩුවේ ඉදිරි ගමනට ඉතා අහිතකර තත්ත්වයක් බවත් දිසානායක හිටපු ඇමැතිවරයා සඳහන් කළේය.

පවතින මේ අර්බුදය තවදුරටත් ඉදිරියට යන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික අණ්ඩුවෙන් ඉවත් වීමට කාලය එළැඹී තිබෙන බවත් එම තීරණය ගන්නා තෙක් අමාත්‍යාංශ කිහිපයක් ජනාධිපති වෙත පවරා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් දෙස ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව තුළ බරපතළ බෙදීමක්:

1989 වසරෙන් පසුව රටේ අග්‍රාමාත්‍යවරයා නොමැති අවස්ථාවක හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගැනීමෙන්ම ආණ්ඩුවේ වර්තමාන අර්බුදය ඉතා හොඳින් පෙන්නුම් කෙරෙන බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මේ මස 19 වැනිදා පක්ෂයේ නායක ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම කරුණු ගැන සාකච්ඡා කිරීමට කණ්ඩායමක් සූදානමින් සිටින බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.

(මව්බිම)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka