gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිවයිනට දරුණු ජල හිඟයක් – කොළඹ උස් තැන්වලටත් ජලය නෑ

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලක්ෂ 6 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ මෙම වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි.

අත්‍යාවශ්‍ය කටයුතුවලට හැර වෙනත් කටයුතුවලට පිරිපහදු කළ නල ජලය භාවිතා කිරීම හැකි තරම් සීමා
කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ද මීට පෙර දැනුම් දුන්නා.

මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිත උස් ස්ථානවලට ජල සැපයුමට බාධා මතුවී ඇත්තේ පරිභෝජනය කරන ජල ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන්.

එය අඛන්ඩව පැවතුණහොත් තවදුරටත් ජල සැපයුමට බාධා එල්ල විය හැකි බවයි එම මණ්ඩලය ද කියා සිටියේ.

දැනට වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ උතුරු පළාතටයි.

එහි පවුල් එක්ලක්ෂ 1021 කට අයත් පුද්ගලයින් තුන්ලක්ෂ 48,464 ක් එමගින් පීඩාවට පත්ව සිටිනවා.

එසේම, කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට ද වියළි කාලගුණයෙන් බලපෑම් මතුව ඇති බව සඳහන්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ රක්ෂිත ගිනි තැබීම් සිදුනොකරන ලෙසටයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද සිට 11 වනදා දක්වා පළාත් කිහිපයකට තරමක වැසි තත්ත්වයක් අපේ්ක්ෂා කළ හැකි බවයි.

කෙසේ වෙතත්, වියළි කාලගුණය පහව යන තද වැසි ලබන මාසය තෙක් අපේක්ෂා කළ නොහැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka