gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුතුරාජවෙලට ගෙනා තෙල් මුහුදේ පාවේ

තෙල් ප්‍රවාහන නෞකාවක සිට මුතුරාජවෙල තෙල් පිරිපහදුව වෙත තෙල් ගෙන යන ප්‍රවාහන නලයක සිදු වී ඇති ගැටලුවක් හේතුවෙන් තෙල් කාන්දුවීමක් සිදු වී තිබෙනවා.

තෙල් කාන්දුව හේතුවෙන් මුහුදේ පාවෙමින් තිබූ තෙල් මේ වන විට උස්වැටකෙයියාව වෙරළට පැමිණ ඇති බවත් වාර්තා වෙනවා. ඒ අනුව වෙරළ පිරිසිදු කිරීමේ කටයුතුද ආරම්භ කර ඇති බවයි සඳහන්
කෙරුණේ. මෙසේ කාන්දුවට ලක්ව ඇත්තේ බලශක්ති බලාගාර සඳහා අවශ්‍ය කලුතෙල් බවයි වාර්තා වුණේ.

ඊයේ (08) උදෑසන මෙම නලයේ  තෙල් කාන්දුව ආරම්භ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තාවීමත් සමඟ එය නැවත ප්‍රතිසංකරණය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විටත් ඊට අදාළ කටයුතු සිදු වෙමින් ඇති බවයි වාර්තා වෙන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka