gossip lanka

වාහන ගෙන්වීම සිමා කිරීමට අලුත් නියෝගයක්

ව්‍යාපාරික නොවන වාහන ආනයනයේ දී ණයවර ලිපි නිකුත් කිරීම සඳහා වාණිජ බැංකුවල තැන්පත් කළ යුතු මුදල 100% ක් විය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් ලබාදී ඇත.

එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලේ අගය වේගයෙන් මේ වන විට පහළ වැටෙමින් පවතින තත්වයක් තුල මෙරට විදෙස් සංචිත විදේශයන්ට ඇදී යාම අවම කිරීම සඳහා මෙම
පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

වත්මන් රජය විසින් වාහන ගෙන්වීමේදී ලබාදුන් සහන හේතුවෙන් පසුගිය මාස කිහිපයේ වාහන දහස් ගණනින් මෙරටට ගෙන්වා ඇතිබව වාර්තාවේ.


gossip lanka