gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෙදි බදු ඉහළ යයි

මෙරටට ආනයනය කරන අමුරෙදි සහ නූල් වෙනුවෙන් අය කළ සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්ද අයකරන්නට පටන් ගැනීම නිසා රට තුළ රෙදිපිළි නිෂ්පාදන ව්‍යාපාරය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි දේශීය රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨයෙක් පවසනවා.

වාර්තා වන ආකාරයට දැනට අමුරෙදි හා නූල් ආනයනයේදී කිලෝවකට
රුපියල් 100ක සෙස් බද්දක් අයකරනු ලබනවා.

එසේම එමගින් යම් නිෂ්පාදනයක් සිදුකළ විට එහි වටිනාකමට තවත් 10%ක මුදලක් එකතු කර ඒ සියලු ගාස්තු මත 15%ක වැට් බද්දක් පනවා තිබෙනවා.

එම බදු රෙදිපිළි නිෂ්පාදන ක්ෂේත්‍රයට දරාගැනීමට අපහසු වීම හේතුවෙන් මෙම කර්මාන්තය ආශ්‍රිතව ඍජු හා වක්‍ර රැකියා කරන දස ලක්ෂයකගේ පමණ රැකියා අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කර්මාන්තය ආශ්‍රිත සමස්ත ව්‍යාපාරවල වාර්ෂික මෙහෙයුම අමෙරිකානු ඩොලර් කෝටි 100 (ඩොලර් බිලියනය) ක් පමණ වෙතැයිද සඳහන්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka