gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් !

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 57 දෙනකු සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කළේය.

ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 57 දෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධ නඩු හතරක් විභාගයට ගත් අවස්ථාවේදී ය.

අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට සුදුසුකම්
පරීක්ෂා කර උසස්වීම් ලබාදෙන ලෙසද එම නියෝගයේ වැඩිදුරටත් දැක්වේ.

වසර 2014 දී පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට පැවති සම්මුඛ පරීක්ෂණයේ දී උපසේවයේ සිට නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය වූ නිලධාරින් දෙදෙනකුට ලකුණු 12.5 ක් වැරදි ලෙස ලබා දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව සඳහන් කරමින් එම නඩු ගොනුකර තිබිණි.

බුවනෙක අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන් ඉදිරියේ පසුගිය 03 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දී පොලිස්පතිවරයාට නියෝග කළේ ලබන 17 වැනි දිනට අදාළ නිලධාරින් සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස්කර අධිකරණයට වාර්තා කරන ලෙසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka