gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංචාරකයන් මිලදී ගන්නා භාණ්ඩවල වැට් බදු ආපසු ගෙවයි

විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම අඟහරුවාදා (11) දින සිට ක්‍රියාත්මක කෙරේ.

මේ සඳහා වන විශේෂ කවුළුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
මංගල සමරවීර මහතා විසින් විවෘත කිරීමට නියමිතය.

2018 අයවැය මඟින් යෝජිත මෙම ක්‍රමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙම වැට් ආපසු ගෙවීමේ ක්‍රමයට ඇතුළත්වීම සඳහා වෙළෙඳ ආයතන හිමිකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ ව්‍යාපෘතිය යටතේ තම වෙළෙඳ ආයතනය ලියාපදිංචි කළ යුතුවේ.

දැනට භාණ්ඩ හා ඇඳුම් පැළඳුම් විකුණන වෙළෙඳසැල් 18 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ විදේශිකයන් වෙත වැට් ආපසු ගෙවීමේ ක්‍රමයට දායක වීම සඳහා ලියාපදිංචි වී ඇත.

මෙම ක්‍රමයට දායක වීමට කැමැති ආයතන ඇත්නම් ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය හැකිය.

2018 අයවැය යෝජනාවක් සම්පූර්ණ කරමින්, ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් (Trading Hub) ලෙස ස්ථාපිත කිරීමේ එක් පියවරක් ලෙස විදේශ සංචාරකයින් වඩ වඩාත් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම මෙහි අරමුණ වේ.

මේ මගින් ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙනයාමට හැකිවන අතර සංචාරකයින් වඩ වඩාත් ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ මිලට ගැනීමට නැඹුරුවීම තුළින් භාණ්ඩ සපයන ආයතන වැඩිදියුණු වීමත් ඒ හරහා විදේශ විනිමය ලංකාවට ගෙන්වීමත් සිදු වනු ඇත.‍

ලෝක ප්‍රවණතාවයන් අනුව, ලෝකයේ බොහෝ රටවල් විදේශ සංචාරකයින් තම රටවලට ආකර්ශණය කර ගැනීම සඳහා පවත්වාගෙන යනු ලබන බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ ද ආරම්භ වීමත් සමඟ ශ්‍රී ලංකාව කෙරෙහි මුළු මහත් ලෝකයේම අවධානය යොමු කරනු ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka