gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවට වාහන ගෙන්වීම අඩුවෙයි

2017 වසර අවසානයවන විට ශ්‍රි ලංකාවේ මෝටර් රථ ගහනය මිලියන 7.2ක් ලෙස වාර්තාවෙන අතර එය 2016 වසරේ වාර්තාවූ මිලියන 6.8 ට වඩා 7% ක වර්ධනයක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙනවා.

මෝටර් රථ වෙළෙදපොල පිළිබඳ ලංකා වාණිජ මණ්ඩලයේ නවතම වාර්ෂික සංඛ්‍යා විශ්ලේෂණ වාර්තාවට අනුව, ශ්‍රි ලංකාව 2017 වසරේ මෝටර් රථ ආනයනය සදහා රු. බිලියන 204 ක් වැයකර ඇති
අතර එය ඊට පෙර වසරේ වැයකරන ලද වියදමට වඩා 5% ක වර්ධනයක්.

නමුත්, ආනයනය කරන ලද වාහන ප්‍රමණය 11% කින් අඩුවී ඇති බවත් එබැවින්, වාර්ෂික මෝටර් රථ ලියාපදිංචියෙහි 9% ක පහතවැටීමක් වාර්තාවන බවත් සඳහන්.

ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික බුද්ධි ඒකකය මගින් සම්පාදනය කරන ලද මෙම වාර්තාව, ශ්‍රි ලංකාවේ මෝටර් රථ වෙළදපොල පිළිබද විස්තරාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා.

වාර්තාව විශ්ලේෂණය කර දක්වන ප්‍රධාන ක්ෂේත්‍ර වන්නේ මෝටර් රථ ගහනය, ලියාපදිංචිය, ආනයනය සහ මෝටර් රථ පිළිබද ලෝක වෙළදපොල තත්වයයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka