gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අලි 07 දෙනාට සිදුවන්නට ඇති දේ ඇමති පැහැදිළි කරයි

මහවැලි ගගේ අතු ගංගාවක් වන පෙරියආරු තුම්මෝදර අමුණ අසළ දී මඩේ එරුණු අලින් හත්දෙනා ගොඩ ගැනීමෙන් පසු මිහිදන් කිරීමේ කටයුතු සිදු කර තිබෙනවා.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට වනඅලි ගමන් කරන අලිමංකඩකදී වනඅලි රංචුව මඩේ එරීමට ලක්වුණේ මීට දින කිහිපයකට පමණ පෙරයි.

මෙම භූමියෙහි විශාල ලෙස තට්ටු කිහිපයකට
දියගෝවා නම් ජලජ ශාකය වැඩී පවතිනවා. ඒ මත ගමන් කරද්දීයී අලි රංචුව මඩේ එරී ඇත්තේ. වනඅලින්ගේ සිරුරු දියමත පාවෙන අයුරු දැක ප්‍රදේශවාසීන් ඒ බව වනජීවි නිලධාරීන්ට දැනුම් දුන්නා.

ඒ අනුවයි අලින් ගොඩගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණේ. යුද හමුදාවේ මැදිහත් වීමෙන් අලින් ගොඩට ගැනීමේ කටයුතු සිදු කෙරුණා. මඩේ එරී ගොඩගැනුනු අලි පස් දෙනෙකුගේ හා දියේ ගසාගෙන ගොස් තිබියදී හමුවූ අලි දෙදෙනෙකුගේ සිරුරු මිහිදන් කෙරුණා.

අලි මඩේ එරීමට ලක්වූ ස්ථානය වෙත ගිය අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජලජ ශාක ඉවත් කිරීමට උපදෙස් ලබාදුන්නා.

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එහිදී සඳහන් කළේ "සරලව අපිට තේරෙනවා මේ පාසි ගහගෙන ඇවිල්ලා මෙතන හිර වෙලා තියෙනවා. අලියට පුරුදු නෑ එතන..අලියා පීනලා වගේ යන තැනක් වෙන්න ඇති.. ඒ නිසයි මේ සිද්ධිය ඇති වෙලා තියෙන්නේ. අපි මේ ගැන අධ්‍යනය කරලා බලනවා..ඉදිරියට මොකක්ද කරන්නේ කියලා. මේ වගේ දේවල් වෙන්න පුළුවන් තැන් තව ඇති. අපි ඒ ගැනත් හොයනවා." යනුවෙනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka