gossip lanka

අකිල ධනංජයට හා දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලානය අහිමි වන ලකුණු..? - දික්වැල්ල නැවතත් කණ්ඩායමට..?

ශ්‍රීලංකා යොවුන් දචඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට ආසියානු කුසලානයේ තරඟ කිහිපයක් අහිමිවනු ඇතැයි වාර්තා වනවා.

ආසියානු කුසලානයට සහභාගී වන ශ්‍රීලංකා කන්ඩායම පසුගියදා නම් කළ අතර එයට අකිල ධනංජයද ඇතුළත්ව සිටියා.

ඔහුගේ බිරිඳ සැප්තැම්බර් 15 හා 17 යන දිනයන්
අතර පළමු දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීම මීට හේතුව වී තිබෙනවා.

මේ අතර දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලානය අහිමි වීමේ අවදාමක් මතුව තිබෙනවා.ඒ ඇඟිල්ලේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙනුයි.

චන්දිමාල්ගේ ආබාධය සුව නොවුණහොත් ඔහුගේ ස්ථානය නිරෝෂන් දික්වැල්ලට හිමිවනු ඇති බවටත් වාර්තාවනවා


gossip lanka