gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශිය අර්තාපල් සඳහා ලංකා සතොසෙන් සාධාරණ මිලක්

දේශීය අර්තාපල් ගොවියාට සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක්  ලබාදීමේ අරමුණින් ඔවුන්ගේ නිශ්පාදන ලංකා සතොස හරහා මිලදී ගැනීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මේ දිනවල දේශීය අර්තාපල් අස්වනු ශීඝ්‍රයෙන් වෙළඳ පොලට ලැබීමත් සමග කූඨ වෙළඳුන් විසින් දේශීය අල ගොවියාගෙන් එම අස්වනු අඩුමිලට ලබාගැනීමට ඇති හැකියාව වලක්වමින් දේශීය අල ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම
ක්‍රියාමාර්ගය ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

කලක පටන් දේශීය අල ගොවීන් විසින් මෙම තත්වය පිළිබඳව පෞද්ගලිකව විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් හා තම අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් දැනුවත් කර තිබූ බවත් ලංකා සතොස ජනතාවගේ ආයතනයක් බැවින් සතොස ආයතනයේ ඉහළපෙළේ නිළධාරීන් සමඟ මේ පිළිබඳව කළ සාකච්ඡාවකින් පසුව මෙලෙස දේශීය අල ගොවියාගෙන්  නිෂ්පාදන මිලදීගැනීමට තීරණය කළ බවත් පවසන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසන්නේ වෙළඳපොලේ අල ගොවියා වෙනුවෙන් ගෙවිය හැකි උපරිම මිලක් මේ යටතේ දේශීය අල ගොවියාට ගෙවීමට ලංකා සතොස සූදානමින් සිටින බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka