gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යළි දිවයිනට

නිල සංචාරයක් සඳහා විදෙස්ගතව සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

අද (19) අළුයම 01.45 ට පමණ දෝහා සිට පැමිණි යානයකින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වූ බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.

මෙක්සිකෝවේ 28 වන නිදහස් දින සැමරුමට සහභාගී වීම සඳහා අද්මිරාල් රවින්ද්‍ර  විජේගුණරත්න
මහතා පසුගිය 10 වනදා දිවයිනෙන් පිටත්ව ගියේය.

මේ අතර 2008 – 2009 කාලයේදී තරුණයින් 11  දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති  හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට අධිකරණය මඟ හැර සිටීමට රවින්ද්‍ර විජේගුණරත්න මහතා උදව් උපකාර කළ බවට සෘජුව සාක්ෂි ඉදිරිපත් වී ඇති බව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ පිලිබඳ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබියදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොදන්වා විදේශගත වී ඇති බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබිණි.

කෙසේවෙතත් යළි දිවයිනට පැමිණිමෙන් අනතුරුව බව රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගෙන් ප්‍රකාශයක් ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka