gossip lanka

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරයි… කැබිනට් අනුමැතිය හිමිවේ…

සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
එමෙන්ම රජය මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටත්, ත්‍රිපිටකයට සම්බන්ධ නැවත මුද්‍රණය හා අනෙකුත් කටයුතු බුද්ධශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමටත් මෙමඟින් අනුමැතිය හිමිව ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා සහ
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

gossip lanka