gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස්පති කැඳවීම තවත් කල් යයි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් කොමිසම විසින් දෙන ලද නියෝග ක්‍රියාත්මක නොකිරීම නිසා ඒ පිළිබඳ විමසීමට පොලිස්පතිවරයා සහ පොලිස් කොමිසම ව්‍යාවස්ථාදායක සභාවට කැඳවා තිබුණත්, ව්‍යාවස්ථාදායක සභාවේ සභාපති කතානායක කරෑ ජයසූරිය මහතා විදෙස්ගත වීම නිසා පැමිණිය යුතු දිනය නිශ්චිතව දන්වා යවා නැති බව දැනගන්නට ඇත.

පොලිස් කොමිසම විසින් පොලිස්පතිවරයාට යවන
ලද නියෝගවලින්, කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා වැඩබලන පොලිස්පති ධූරයට උසස් කිරීම, දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන් 129 දෙනෙකුගේ උසස්වීම් ලබාදීම, නාරම්මල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීම, පොලිස් සංඛ්‍යා ලේකන කොට්ඨාශයේ ස්ථානාධිපතිගේ වැඩ තහනම, වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පිළිබඳ පරීක්ෂණ යන නියෝග ක්‍රියාත්මක කර නැති බවද දැනගන්නට ඇත.

 අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමට පැමිණිලි දෙකක් :

 ඒ අතරම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමට පැමිණිලි දෙකක් ලැබී තිබේ.

ඒ කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන හා නිශාන්ත ද අල්විස් යන දෙදෙනා විසින් කරන ලද පැමිණිලිය.

මෙම පැමිණිලි දෙකම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ෂන කටයුතු අරඹා ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ගෙන් පැය දෙකක් පුරා කොමිසම ප්‍රකාශනයක් ලබාගෙන තිබේ.

නිශාන්ත ද අල්විස් මහතා විසින් කරන ලද පැමිණිල්ල අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයතු කරද්දී රුපියල් මිලියන 12 ක අල්ලසක් චෙක්පතකින් ලබා ගැනීමට අදාළව අදාළ බැංකුවෙන්ද අල්ලස් කොමිසම තොරතුරු විමසා ඇති බව දැනගන්නට ඇත.

(රාවය)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka