gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරුණයන් රවටා විවාහ කරගෙන සල්ලි අරං මාරු වෙන කාන්තාවක් ගැන පොලිසියට පැමිණිළි - (Photos)


තරුණයන් සමග විවාහ වී වංචනිකව මුදල් සොරාගන්නා කාන්තාවක් පිළිබඳ අම්බලන්තොට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

බහු විවාහ සිදුකර ගනිමින් තරුණයන් රවටා  මුදල් සොරා ගන්නා හා තරුණයන් ඉතාලි යවන බව පවසා ව්‍යාජ ලේඛන සකස් කර විවිධ පුද්ගලයින්ගෙන් මුදල් සොර ගන්නා මෙම කාන්තාව සම්බධයෙන් ඇය විවාහ කරගත් සැමියෙකු විසින් ඊයේ (15)  අම්බලන්තොට පොලිසියට මෙලෙස පැමිණිල්ලක් කර තිබුණා.

අම්බලන්තොට පදිංචි කේ. සී. චතුරංග බණ්ඩාර නමැති තරුණයෙකු විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මීට වසරකට පමණ පෙර තමා සමඟ විවාහ වූ ජයකොඩි ආරච්චිගේ දොන් දිනේසා ගයනි නිමන්තිකා නැමැති දංකොටුව ප්‍රදේශයේ පදිංචී කාන්තාව තමා විවාහ කරගෙන වසරක පමණ කාලයක් සිට මුදල් ද රැගෙන සැඟවී සිටින බවයි.

එමෙන්ම තමා විවාහ කර ගැනීමට මත්තෙන් වෙනත් කෙනෙකු සමඟද ඇය විවාහ වී දරුවන් දෙදෙනෙකුද සිටින බව පසුව තමන් දැනගත් බවද ඔහු පොලිසියට සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඉතාලියේ වෙසෙන අයෙකු සමගද සමීප සම්බන්ධතාවයක් පවත්වන අදාළ කාන්තාව ව්‍යාජ ලේඛන හා හැදුනුම්පත් සකස් කරමින් තරුණයන් ඉතාලි යවන බව පවසමින් ඔවුන් සතුව ඇති මුදල් ලක්ෂ ගණනින් වංචනිකව ලබා ගනිමින් ඇය රහසේම ඉතාලියට පිටව යාමේ සුදානමක් පවතින බවද සඳහන් කර තිබෙනවා.

විශ්මි දිල්ෂානි සහ දිනේසා ජයනි ජයකොඩි යන නම් දෙකම භාවිතා කරමින් අදාළ කාන්තාව මෙම වංචාව හා බහු විවාහයන් සිදුකර ගනිමින් කටයුතු කර ඇති අතර ඒ සඳහා අයගේ දෙමව්පියන්ද සහය දක්වන බවට තොරතුරු ලැබී තිබෙනවා.

වංචාවට හසුවූ  අදාළ තරුණයා සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකරනු ලබන නීතිඥ නිරෝෂන් වික්‍රමගේ කියා සිටියේ තම සේවාදායකයා සතුව තිබු සියලු මුදල් වංචනිකව ලබා ගනිමින් සිදුකල අසාධාරණයට අදාළ කාන්තාවට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka