gossip lanka

අවසන් තීන්දුව ගැනීමට බස් සංගම් අද සූදානම්

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව රජය විසින් සාධාරණයක් ඉටු නොකරන්නේ නම්, ඒ පිළිබදව අද දිනයේදී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.

ඉන්ධන මිල සූත්‍රයට අනුව බස් ගාස්තු සංශෝධනය කිරීම සදහා ද සූත්‍රයක් හදුන්වාදීමට බස් සංගම් විසින් රජයට කාලය ලබාදී තිබෙනවා.

ඉදිරි සති දෙක ඇතුළත නිසි ප්‍රතිචාර නොලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට
සූදානමින් සිටින බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මීට පෙර කියා සිටියේ.

gossip lanka