gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බුදු පිළිමවලට නිග්‍රහ කළ කපුවාට වැඩ වැරදුණු හැටි - (video)

බුද්ධ ප්‍රතිමාවලට අපහාස වන අන්දමින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල නියැලුණු කට්ටඩියෙකු විල්ගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
එම කට්ටඩියා විසින් බුද්ධ ප්‍රතිමාවක ශීර්ෂයට පය තබමින් කිසියම් මන්ත්‍රයක් මතුරමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල මේ දිනවල හුවමාරු වනවා.

අනතුරුව ඔහු සිය අතේ තිබූ කඩුවක් බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය මත තබා මතුරන ආකාරය ද එම වීඩියෝ දර්ශන වල ඇතුළත්.

මාතලේ විල්ගමුව ප්‍රදේශයේ පදිංචි සමන් කුමාර ලෙස හැඳින්වෙන මෙම පුද්ගලයා වසර ගණනාවක් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යනවා.

ඇතැම් අවස්ථාවල ඔහු සිවුරු ඉරා බුදු පිළිමවලට හානි කරමින් ගුරුකම්වල නිරත වූ බවට ද තොරතුරු වාර්තා වුණා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka