gossip lanka

නාමල් කුමාර සැඟවෙන්නට තීරණය කරයි

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සිදු කළ බව කියන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් කරුණු හෙලි කිරීම නිසා බොහෝ දෙනාගේ අවධානයට ලක්ව සිටින දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර සිය පදිංචි ප‍්‍රදේශය අතහැර යාමට තීරණය කර තිබෙනවා. අප කල විමසීමකදී ඔහු කියා සිටියේ තමන් වෙත රජයෙන් ලබා දී ඇති
ආරක්ෂාව ප‍්‍රමාණවත් නොවන නිසා මෙම තීරණය ගත් බවයි.

තමන්ට ජීවිත තර්ජනයක් ඇතැයිද, ඒ නිසා තමන්ට ආරක්ෂාවක් සපයා දෙන්නැයිද නාමල් කුමාර මීට පෙර ඉල්ලා සිටියා. මේ පිළිබඳ කළ විමසීමකදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ ඉල්ලීමක් කරන්නේ නම් ඔහුට අවශ්‍ය පරිදි ආරක්ෂාව ලබා දිය හැකි බවයි.


gossip lanka