gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපති පෙම් පැළේ සිටවන්න කියයි

පෙබරවාරි 14 වැනි දිනට යෙදෙන පෙම්වතුන්ගේ දිනයේදීද අදාළ යුවල පැළයක් සිටුවා පරිසරය සුරැකීමේ ජාතික කර්තව්‍යයට එක්වීම සඳහා යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත්කර තිබේ.

හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට
එක්වෙමිනි.

ජාතික රුක් රෝපණ සතියේදී සෑම නිවසකම එක් පැළයක් හෝ සිටුවා එම ජාතික වගකීම ඉටු කිරීමට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඔක්තෝබර් මාසයට යෙදන ජාතික රුක් රෝපණ සතියේදී දිවයින පුරා පැළ තිස් ලක්ෂයක් සිටුවීමේ පුළුල් ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට ජනාධිපතිවරයා මගපෙන්වීමෙන් පරිසර අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබේ.

ජීවිතයේ සෑම විශේෂ කටයුත්තකදීම පැළයක් සිටුවීමට ජනතාව හුරු කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka