gossip lanka

මිනීමැරුම් නඩුව අවසන් වනතුරු පුත්තලම සභාපති රිමාන්ඩ්

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවති නඩුවේ ප්‍රධාන සැකකරු වූ සභාපතිවරයා අධිකරණ නියෝග මත ඇපමත මුදාහැර සිටි අතර ඔහු ඉකුත් 10 වැනිදා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත සම්මේලනයකට සහභාගි වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත්ව යැමට සූදානම් වන අවස්‌ථාවේ
ගුවන්තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පුත්තලම ප‍්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතාට එරෙහිව පුත්තලම අධිකරණයේ විභාග වන මිනිස් ඝාතන නඩුවේ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් නඩුව අවසන් වනතුරු ඔහු රක්ෂිත

බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුමපටබැඳිගේ මහතා ඊයේ (17 දා) නියෝග කළේය.

2010 වර්ෂයේ ජනවාරි මස 16 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මදුරන්කුලිය නගරයේ පැවැති රැලියකට සහභාගී වීමට පැමිණ සිටි පිරිසකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ආණමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ජයසිංහ ආරච්චිගේ සමන් කුමාර නමැති අය මරණයට පත් විය.

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවති නඩුවේ ප්‍රධාන සැකකරු වූ සභාපතිවරයා අධිකරණ නියෝග මත ඇපමත මුදාහැර සිටි අතර ඔහු ඉකුත් 10 වැනිදා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත සම්මේලනයකට සහභාගි වීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත්ව යැමට සූදානම් වන අවස්‌ථාවේ ගුවන්තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන නඩුවේ නියෝග නිකුත් කිරීම ඊයේට යෙදී තිබුණු අතර අධිනීතිඥ අග්බෝ පණ්‌ඩිතරත්න මහතා සභාපතිවරයා ඇප කොන්දේසි කඩකරමින් අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීමට කටයුතු කිරීම සම්බන්ධව අධිකරණයේ කරුණු දැක්‌වීය.

එම කරුණු සලකා බැලූ පුත්තලම මහාධිකරණ විනිසුරුවරයා නඩුව අවසන් වනතුරු සැකකාර සභාපතිවරයා රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අමරනන්ද විජේසේකර - මහවැව


gossip lanka