gossip lanka

කුසල් මෙන්ඩිස්ට නියමිත තැන සංගක්කාර හෙළි කරයි

ආසියානු කුසලාන තරගාවලියේ ආරම්භක පිතිකරු ලෙස ඉණිම කුසල් මෙන්ඩිස් යෙදෙවිම සම්බන්ධයෙන් හිටපු නායක කුමාර් සංගක්කාර සිය නොසතුට පළකර සිටිනවා.

කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ අංක 4 ස්ථානය කුසල් මෙන්ඩිස් හට සුදුසුම ස්ථානය බවයි කුමාර් සංගක්කාර සදහන් කර සිටින්නේ.

මෙවර තරගාවලියේදි කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරු ලෙස උපුල් තරංග සමග පිටියට පිවිසියත්
තරග දෙකේදිම ලකුණු ලබා ගැනිමට පෙර කුසල් මෙන්ඩිස් දැවි ගියා.


ශ්‍රි ලංකා පිලේ පිතිකරණ අංශයේ සිදුවන නිරන්තර වෙනස්කම් සම්බන්ධයෙන් හිටපු නායක කුමාර් සංගක්කාර වැඩිදුරටත් සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රි ලංකා කණ්ඩායමේ අංක 6 ස්ථානයේ පිතිකරණයේ යෙදිම් සදහා සුදුසු පිතිකරුවෙක් යෙදවිය යුතු බවයි සංගක්කාර සදහන් කර සිටියේ.

අංක 6 සහ 7 ස්ථානයන් සදහා ක්‍රිඩා කරනු ලබන තුන් ඉරියවු ක්‍රිඩකයින් වන දසුන් ශානක සහ තිසර පෙරේරා හට අංක 7 සහ 8 ස්ථානයන්හි පිතිකරණයේ යෙදිම සුදුසු බව කුමාර් සංගක්කාර සදහන් කර සිටියා.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ විස්තර විචාරකවරයෙක් වශයෙන් එක්වෙමින් කුමාර් සංගක්කාර මේ බව ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම නායක ඇන්ජෙලෝ මැතිව්ස් පිතිකරණයේ යෙදිමේදි කඩුලු අතර දිවයන ආකාරය පිළිබදව ශ්‍රි ලංකා පිලේ හිටපු නායකයා සිය කනස්සල්ල පළකර සිටියා.


gossip lanka