gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට කැළඹූ අඹගෙඩි නඩුව යළි කැඳවයි

අසල්වැසි නිවසකින් අඹ ගෙඩි 19ක් සොරකම් කර ළඟ තබා ගත් බවට අනුරාධපුර – සාලියපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඔක්තෝම්බර් මස 02 වන දින යළි විභාගයට ගැනීමට තීරණය කර තිබෙනවා.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මෙම නියෝගය නිකුත්
කළේ ඊයේ (10) ඊට අදාළව සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින්.

අනුරාධපුර – සාලියපුර – ජයන්ති ප්‍රදේශයේම පදිංචි තවත් කාන්තාවක අනුරාධපුර පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය එහිදී සදහන් කර තිබුණේ තමන් අනවසරයෙන් අඹ කැඩීමක් සිදුනොකළ බවයි.

ව්‍යාංජනයක් සකස් කිරීම සඳහා තමන් අඹ ගෙඩි 3ක් පමණක් කඩා ගත් බව මෙම කාන්තාව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, නඩුවට අදාළව අඹ ගෙඩි 19ක් පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස ලේඛනගත කර තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka