gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හින්දු කෝවිල්වල සත්ව බිලි පූජා තහනම් කෙරේ.. කැබිනෙට්ටුවේ අනුමතයි..

හින්දු කෝවිල් තුල හෝ එහි සිමාව තුල සිදුකරන සත්ත්ව සහ පක්‍ෂි බිලිපුජා තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

කෝවිල් පරිශ්‍රය තුල සිදු කරන සත්ත්ව සහ පක්ෂි බිලි පුජා තහනම් කිරීම් සඳහා නෛතික විධිවිධාන ස්ථාපිත කල යුතු බවට අමාත්‍ය ඩි. එම්. ස්වාමිනාදන්
මහතා විසින් කල යෝජනවකට අනුව මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර ඊට අනුකූල වන පරිදි නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත නියම කිරමට කටයුතු කරනු ඇති.

හින්දු ආගමේ නාමයෙන් කරගෙන යනු ලබන සත්ත්ව හිංසාව නියාමනය කිරීමට ආයතන ගත ව්‍යුහයක් නොමැති අතර කෝවිල් පාලනය තනි පුද්ගලයෙකු හෝ ජනතාව විසින් පත්කළ කළමනාකරණ මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබයි.

සත්ත්ව බිලි පුජාව හින්දු ආගමේ පුරාතන ක්‍රමයක් වුවද බහුතර හින්දු ආගමිකයන් මෙම ක්‍රමය පිලි නොගන්නා අතර සත්ව බිලි පුජා තහනම් කිරීමත් දඩුවම් පැමිණවිය හැකි වරදක් ලෙස නීතිගත කිරීමත් සිදු කල යුතු බවට හින්දු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ශ්‍රී ලංකාවේ හින්දු සංගම් වල මතය වී ඇති බව රාජ්‍ය අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

– Media Unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka