පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවක් බිය කර ඇයගෙන් හිස් කොලයකට අත්සන් ලබා ගත් බව කියන තරුණයෙකු හලාවත පොලිසිය විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - කන්ජික්කුලිය,දේවාල වත්ත පදිංචි 29 හැවිරිදි හලාවත දිනපතා පොළේ එළවළු අලෙවි කරන්නෙකු ලෙස කටයුතු කළ අයෙකි.
හලාවත - මල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින
කාන්තාවක් විසින් පොලිසියට සිදු කර ඇති පැමිණිල්ලකට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පැමිණිළිකාර කාන්තාවගේ නිවසට ගොස් පෙනී සිට ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකු ලෙසය.
නිවසට පැමිණි සැකකරු, විදේශ ගතවී සිටින එම කාන්තාවගේ සැමියා මීගමුව ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැළක් බිඳ ඇති බවත් එය තමන් දන්නා බවත් සඳහන් කරමින් ලිපියක් ලබා ගෙන ලෙස ඉල්ලා ඇත.කාන්තාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.පසුව බලහත්කාරයෙන් ඇයගෙන් හිස් කොලයකට සැකකරු විසින් අත්සන් ලබා ගෙන ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත කාන්තාව සිද්ධිය පොලිසියට දැණුම් දීමට කටයුතු කර තිබේ.
ඒ අනුව එම ස්ථානයට ගොස් ඇති පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. කාන්තාව විසින් අත්සන් තබන ලද හිස් කොලයේ සැකකරු විසින් යම් සටහනක් තබා ඇති බවද පොලිසිය කියයි.එම කොලයද පොලිස් බාරයට ගෙන ඇත.
හලාවත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සටහන - ජුඩ් සමන්ත - පුත්තලම
කතකගෙන් හිස් කොලේකට අත්සන් ගත් අයෙක්
2018-09-21T16:53:00+05:30
Gossip Lanka Hot News
slide|