gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විශාලතම KG තොගය උතුරු මුහුදේ පාවෙයි

නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී සොයා ගන්නා ලද විශාලතම කේරළ ගංජා තොගය වූ කිලෝ ග්‍රෑම් 284.05 ක ප්‍රමාණයක්‌ 07 දා සොයාගෙන තිබේ.

මෙම කේරළ ගංජා තොගය නාවික හමුදාව විසින් සොයාගෙන ඇත්තේ ඉරණතිව් දූපතට ගිනිකොන දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී පාවෙමින් තිබියදීය.

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන් තුනකට අනුයුක්‌ත නාවිකයන් විසින්
සිදුකරන ලද මුර සංචාරයක්‌ අතරතුරදී එම කේරළ ගංජා තොගය හමුවී ඇති අතර ඒවා ඇසුරුම් 95 ක බහා තිබූ බව නාවික හමුදාව කියයි.

එම කේරළ ගංජා තොගය රුපියල් මිලියන 30 ක්‌ පමණ වන බවට නාවික හමුදාව ඇස්‌තමේන්තු කර ඇත.

අලෙවි කිරීම සඳහා ඉන්දියාවේ සිට මෙම කේරළ ගංජා තොගය උතුරට රැගෙන එමින් සිටි පිරිසක්‌ නාවික හමුදාවේ යාත්‍රා දැක ගංජා තොගය මුහුදට විසිකරන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාස කරයි. මේ හේතුව නිසා එම කේරළ ගංජා තොගය සමග සැකකරුවන් හසුවී නොමැත.

නාවික හමුදාවට හසුවූ කේරළ ගංජා තොගය කිළිනොච්චියේ මුලන්කාවිල්, පොලිසිය වෙත භාරදී ඇත. පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු සිදුකරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka