gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැග් කරලා අහු වුණොත් මහපොළ නෑ

'නවකවධය' හා සම්බන්ධව චෝදනා ලැබ විශ්වවිද්‍යාලවලින් සිදු කරන විනය පරීක්‍ෂණවලදී වැරැදිකරුවන් බවට පත්වූ ශිෂ්‍යයන්ට මින් ඉදිරියට 'මහපොළ' ශිෂ්‍යාධාරය අහිමි වන බව 'මහපොළ' ශිෂ්‍යත්ව භාර අරමුදලේ අධ්‍යක්‍ෂ පරාක්‍රම බණ්ඩාර මහතා පවසයි.

'මහපොළ' ශිෂ්‍යාධාර අහිමි වන අවස්ථා සහිත කොන්දේසි මාලාවක් සෑම 'මහපොළ' ශිෂ්‍යාධාර හිමි ශිෂ්‍යත්වලාභියකුටම ඉදිරිපත් කළද මේ වන විට ඒ
කොන්දේසිවලට පිටින් යමින් විනය විරෝධී ක්‍රියා සඳහා සිසුන් එළැඹෙන බවත් අවසානයේදී විශ්වවිද්‍යාල මඟින් එම ශිෂ්‍යයන් ගැන සිතා ඔවුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට හැකි පරිදි ලිහිල් දඬුවම් ලබා දෙමින් නැවතත් එම නිර්දේශ 'මහපොළ' භාර අරමුදලට ලබාදී ශිෂ්‍යයන්ට නැවත 'මහපොළ' ශිෂ්‍යත්වය ලබාදීමේ ලිහිල් ප්‍රතිපත්තියක පිහිටා මෙතෙක් ක්‍රියා කළ බවද ඔහු පැහැදිලි කළේය.

කොන්දේසි කඩ කරන අවස්ථාවන්වලදී වුවද මෙතෙක් 'මහපොළ' භාර අරමුදල 'මහපොළ' ශිෂ්‍යත්වය අහෝසි නොකළ බවද, තාවකාලිකව ශිෂ්‍යත්වය ලබාදීම නතර කළ බවද මින් ඉදිරියට දැඩි තීන්දුවක පිහිටා කොන්දේසි කඩ කරන්නන්ට මහපොළ නම් දෙන්නේම නැතැයි යන දැඩි තීන්දුවේ පිහිටා ක්‍රියා කරන බවද හෙතෙම පැවැසීය.

'මහපොළ' ශිෂ්‍යත්වය පිරිනමන අවස්ථාවේදී ශිෂ්‍යත්වලාභීන්ට ඉදිරිපත් කරන කොන්දේසි අතර විනය විරෝධී 'නවකවධය' වැනි කටයුතුවලට සම්බන්ධ වූවන්ට විශ්වවිද්‍යාල මඟින් දඬුවම් ලබාදෙන අවස්ථාවන්හිදී, රාජ්‍ය දේපොළවලට හෝ විශ්වවිද්‍යාලයේ දේපොළවලට හානි කළ අවස්ථාවන්හිදී මෙන්ම අපචාර සිද්ධීන්ට, සම්බන්ධ අවස්ථාවන්වලදීද ශිෂ්‍යත්වය අහෝසි කිරීම පැවැති නීතිය වුවද මෙතෙක් සිය අරමුදල සහ විශ්වවිද්‍යාල පද්ධතිය දරුවන් ගැන සිතා ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කළ බවද ඔහු ප්‍රකාශ කෙළේය.

පෙර සිටම මෙසේ කොන්දේසි පැවැතියද විශ්වවිද්‍යාල හරහා එවැනි වාර්තා වීමේ අඩුවක් පැවැති බවද බොහෝ විට එවැනි අවස්ථාවලදී දඬුවම් කාලය නිමා වූ බවට විශ්වවිද්‍යාලයේ නිර්දේශයන් ලැබුණු විට ඒ ගැන සලකා බලා යළි ශිෂ්‍යත්වය ලබාදීම මෙතෙක් සිදුවූ ක්‍රමවේදය බවද හෙතෙම පැවැසීය. මෙම දැඩි තීන්දුවට එළැඹීම 'මහපොළ' භාරකාර අරමුදලේ භාරකාර මණ්ඩලය ගත් තීරණයක් අනුව ඉදිරියේදී ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

ජනපතිත් නවකවදයට මැදිවෙයි

මේ අතර නවකවධය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස ක්‍රියාත්මක කරමින් නවකවධයට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමේ නීති ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද කියා සිටී.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ඉදිකිරීමට යෝජිත පොළොන්නරුව ජාතික වෘත්තීය පුහුණු ආයතනය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka