gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දිනේෂ්ට කථානායකගෙන් ලිපියක්

පක්ෂ නියෝජිතයින්ගේ ඉන්දියානු සංචාරය සඳහා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට ආරාධනා කරනු ලැබුවේ විපක්ෂයේ පදවි තානාන්තර පිළීබඳ සැලකිල්ලට ගනිමින් නොවන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙත කථානායක කරූ ජයසූරිය මහතා
විසින් ලිඛිතව ඒ පිළීබඳව දැනුම්දී තිබේ.

ඉන්දියානු රජයේ ආරාධානයකට අනුව යෝජිත පක්ෂ නියෝජිතයින්ගේ සංචාරය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකට කථානායකවරයා විසින් පසුගියදා ආරාධනා කරනු ලැබීය.

කෙසේවෙතත් අදාළ ආරාධනය ප්‍රතික්ෂේප කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම සංචාරය සඳහා සහභාගී නොවන බව කථානායකවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

එම ලිපියට පිළීතුරු වශයෙන් කථානායක කරූ ජයසූරිය මහතා  දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙත දැනුම්දී ඇත්තේ අදාළ ආරාධනය කරනු ලැබුවේ සත්භාවයෙන් හා ගෞරවයෙන් බවයි.

මෙම සංචාරය සඳහා මනෝ ගනේෂන්, රිෂාද් බදියුදීන් වැනි අමාත්‍යවරුන් වෙත ඇරයුම් කෙරුණ ද  පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ පක්ෂ හා කණ්ඩායම් වල නියෝජිතයින් ලෙස දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමට ඒ සඳහා  ආරයුම් කළ බව කථානායකවරයා පෙන්වාදෙයි.

විපක්ෂ නායක පදවිය පිලීබඳ කරුණ සහ මෙම සංචාරය අතර ගැටළුවක් හා වැරදි හැගීමක් ඇති කරගැනීම ගැනීම සම්බන්ධයෙන් අතිෂයින් කණගාටුවට පත්වන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

මෙය මාධ්‍යයට යා යුතු කරුණක් නොවූව ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මාධ්‍යයට නිකුත් කර ඇති හෙයින් මෙම පැහැදිලි කිරීමද මාධ්‍යයට නිකුත් කරන බව කථානායකවරයා දැනුම් දී තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka