gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රීයුනියන් දුපතට යන්න ගිය 90 දෙනා නාවික හමුදාව කොළඹට ගෙන එයි

නීතිවිරෝධි අයුරින් ශ්‍රි ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් මැඩගස්කරයේ රීයුනියන් දුපත බලා බහුදින ධීවර යාත්‍රාවකින් යමින් සිටි පුද්ගලයින් 90 දෙනෙකු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනිමට අද (11) සමත්වුවා.

මීගමුවට බටහිරින් පිහිටි ගැඹුරු මුහුදු සිමාවේදි නිරික්ෂණය වු සැකකටයුතු බහුදින ධිවර යාත්‍රාවක් නාවික හමුදා මුර සංචාර යාත්‍රා දෙකක් විසින්
සෝදිසියට ලක් කර ඇති අතර එහිදි මෙම නිතිවිරෝධි සංක්‍රමණිකයින් පිරිස අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබෙනවා.

අත් අඩංගුවට පත්වු පුද්ගලයින් 90 දෙනා අතර එක් කාන්තාවක් පමණක් සිටිය බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ.

මෙම පිරිස මඩකලපුව, මන්නාරම, හලාවත, උඩප්පුව හා මාතලේ යන දිස්ත්‍රික් වල පදිංච්කරුවන් වන බව නාවික හමුදාව පවසයි.

අත් අඩංගුවට ගනු ලැබු බහුදින ධිවර යාත්‍රාව සහ පුද්ගලයින් 90 දෙනා මේ වන විට කොළඹ වරායට රැගෙන ඇවිත් තිබෙන බව නාවික හමුදාව සදහන් කරයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka