gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාට හා මහින්දානන්දට එරෙහි තවත් නඩු දෙකක් 07 වෙනිදා !

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් සිදුකල විමර්ශනවලට අදාලව ගොනුකළ වංචා දුෂණ නඩු කිහිපයක් ඉදිරි දින කිහිපය තුල අධිකරණය හමුවේ විභාගවිමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ට එරෙහි නඩු දෙකක් ද එසේ විභාගයට ගැනීමට දින නියමකර තිබේ.

ඒ අනුව, වීරකැටිය ව්‍යාපෘතිය නමින් සංවිධානයක්
පිහිටුවා සිය දෙමව්පියන් වෙනුවෙන් කෞතුකාගාරයක් හා ස්මාරකයක් ඉදි කිරීමේ චෝදනාව යටතේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව ලබන 07 දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

එදින වැඩිදුර වාර්තාවක් මගින් කරුණු වාර්තා කිරීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) බලාපොරොත්තුවේ.

මහින්දානන්ද අයතා ලෙස උපයාගත් දේපල !

එසේම, එදිනම (07) හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවක් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

ඔහු විසින් අයථා ලෙස උපයාගන්නා ලද දේපළ අමල් ප්‍රියංකර නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශනයට අදාලව එම නඩුව ගොනුකර ඇත.

සුදු රෙදි නඩුවේ අභියාචනය හෙට විභාගයට ...

ඒ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල ගිණුම් හරහා ලබාගෙන ජනාධිපති මැතිවරණ සමයේ සුදු රෙදි බෙදා දීම වෙනුවෙන් කොළඹ මහාධිකරණ නඩු අංක 8026/15 යටතේ පැවති නඩුවේ චූදිතයින් වැරදිකරු කිරීමේ තීන්දුවට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද අභියාචනය හෙට (05) දින විභාගයට ගැනීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු මුදල් රුපියල් 5,738,075.00 ක මුදල් අක්‍රමිකතාවයක් සිදු කිරීම සම්බන්ධයෙන් හේවා ගුණරත්න භාෂ්වර සේනාංක හා දොන් සතරසිංහ ජයවීර යන දෙදෙනාට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ද හෙට (05) කොළඹ මහාධිකරණයෙදී විභාගයට ගැනීමට දින නියමකර තිබේ.

එදින විත්ති පාර්ශවයට නඩු භාණ්ඩවලට අදාළ ලේඛන පිටපත් භාර දී විභාගයට ගැනීමට නියමිතය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka