gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනතුරු අඩුකරන්න තිබ්බ පොලිස් ඩමිය ගෙදර අරන් ගිය තරුණයින් දෙදෙනාට වෙච්ච වැඩේ

පුත්තලම - කොළඹ මාර්ගයේ පාලවිය - වන්තිව් ප්‍රදේශයේ රිය ධාවනයේදී සිදු වන අනතුරු අවම කිරීමේ සහ වේගය පාලනය අරමුණින් මෙම පොලිස්‌ ඩමිය තබා තිබුණු තරුණයින් දෙදෙනෙක් රැගෙන ගිය පුවතක් වාර්තාවනවා.

පසුව පාලවිය ප්‍රදේශයේ තිබූ මෙම ඩමිය පසුගිය 30 වනදා උදෑසන එම ස්‌ථානයේ නොමැති බවට දැනගත් පුත්තලම පොලිසියේ රථවාහන අංශය සිදු කළ පරීක්‌ෂණ අනුව මෙම ඩමිය හා එය රැගෙන ගිය ලොරි රථය පුත්තලම - තිල්අඩිය අල්කාසිම්සිටි
ප්‍රදේශයේ නිවසක තිබියදී සැකකාරයන් දෙදෙනා සමග 31දා සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව වේග මීටරය සහිත පොලිස්‌ නිලධාරීන්ගේ සමාන රුව සහිත අනුරුව (ඩමිය) සවිකර තිබූ ස්‌ථානයෙන් ගලවා ගෙන ගිය තරුණයන් දෙදෙනා ලබන 12දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩබලන මහෙස්‌ත්‍රාත් මොහොමඩ් ඉක්‌බාල් මහතා නියෝග කළා.

පුත්තලම පොලිස්‌ ස්‌ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිද්ධියට සම්බන්ධ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ මෙම නියෝගය ලබාදුන්නා.

එසේ රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පුත්තලම රත්මල්යාය අල්කාසිම්සිටි පදිංචිව සිටි රපීක්‌ මොහොමඩ් සරාඡ් (23) හා නොරොච්චෝලේ පදිංචි උෂ්නතම්බි වහබ්ජීදීන් (21) යන දෙදෙනායි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka