gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන පොලිස්පතිගෙන් CIDයට නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරිමට උත්සහ ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පෙරේදා (10) දිනයේ දී මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි
ඈෂ්ලි ද සිල්වා විසින් ක්‍රිඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම පැමිණිල්ල සිදු කර ඇති බව වාර්තා වෙනවා.

එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියට අදාළව රූපවාහිනි අයිතිය විකිණිම මඟින් ලැබුණු අදාළ මුදල ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණිමුට බැර නොකර වෙනත් ගිණුමකට බැර කිරීමට එහි ගිණුම් අංශයේ ප්‍රධානියා උත්සහ දරා ඇති බවයි අනාවරණය වූයේ.

එමඟින් සිදු කිරීමට ගිය හානිය පිළිබඳ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ගත වූ වසර තුළ සිදු කළ සියලු මූල්‍ය හුවමාරු පිළිබඳ විගණන පරික්ෂණයක් සිදු කිරීමට ද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බව සඳහන්.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka