gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාස්තු ඉහල දමනු.. බස් වැඩ වර්ජනයක්

බස් ගාස්තු ඉහළ දැමීම සඳහා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල සිරිපාලද සිල්වා මහතා අනුමැතිය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

අමාත්‍යවරයා බස් ගාස්තු ඉහළ දැමීමට එරෙහි වුවද බස් ගාස්තු ඉහළ දමමින් බස්රථ ධාවනය කරන බව ඔහු සදහන් කරයි.

පවතින ඉන්ධන මිල යටතේ බස්රථ ගාස්තු වැඩිකිරීමකින් තොරව බස්රථ ධාවනය කර නොහැකි බව අන්තර් පළාත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පෙන්වා දෙයි.

ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරන්නේ බස්රථ ගාස්තු සඳහා මිල සූත්‍රයක් කඩිනමින් ගෙන ඒමට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු නොකරන්නේනම් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.

– නාගොඩ සුමන උදයන්ත
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka