gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ ජය බංග්ලාදේශය උදුරා ගනී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී ඊයේ (15 ) පැවැති තරගයේදී මුෂ්ෆිකුර් රහීම් ලබාගත් අනිගි ශතකය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 137 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 262 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35.2 ක් අවසානයේ ලකුණු 124 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ නායක මෂ්රෆී මොටාසා, මුස්තෆිසුර් රෙහෙමාන් සහ මෙහෙදි හසන් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමුවා.

පසු පෙළ පිතිකරුවන් වූ ඩිල්රුවන් පෙරේරා හයේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද, සුරංග ලක්මාල් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 20 ක්ද බැගින් රැස්කළද, ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට හැකි වුණේ නෑ. තරග දිනවිය හැකි ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස නම් දරා සිටින තිසර පෙරේරාටද මෙම තරගයේදී සිය සුපුරුදු ක්‍රීඩා විලාශයට අවතීර්ණ වීමට නොහැකි වූ අතර උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔහු ලබා සිටියේ ලකුණු 6 ක් පමණයි.

දහවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී විනිසුරුවරයා ලබාදුන් වැරදි තීරණයක් හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ සිවුවැනි කඩුල්ලත් බිඳ වැටිණා. ලකුණු 11 ක් ලබා සිටියදී කුසල් පෙරේරා කඩුල්ල මුවා කළ බවට විනිසුරුවරයා සංඥා කළද, එම සිදුවීමේ පුනුරූපණ නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ පන්දුව කුසල්ගේ පාදයේ වැදීමට පෙර ඔහුගේ පිත්තේ දාරයේ වදින බවයි. ඒ වන විට විනිසුරු තීරණ විමසීමේ අවස්ථාවක් නොමැතිවීම නිසා තමා නොදැවුණ ක්‍රීඩකයකු බව දැන දැනම කුසල්ට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 261 ක් ලබාගත්තා.

පළමු ඕවරයේ පස්වැනි පන්දුවේදී බංග්ලාදේශ ආරම්භක පිතිකරු පිටියෙන් ඉවත් කළ ලසිත් මාලිංග, එම ඕවරයේම අවසන් පන්දුවේදී සකීබ් අල් හසන්ගේ කඩුල්ලද බිඳ දමමින් බංග්ලාදේශ කණ්ඩායම අසීරු තත්වයකට ඇද දැමුවා. එක්දින තරගයක පළමු ඕවරය තුළදී කඩුලු 2 ක් හෝ 2 කට වැඩි සංඛ්‍යාවක් දැවී ගිය දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය වාර්තා අතරට එක්වූ අතර මින් පෙර අවසන් වරට එවන් අවස්ථාවක් සටහන් වී තිබුණේ වසර 15 කට ඉහතදීයි. 2003 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ පළමු ඕවරයේදී කඩුලු 4 ක් දවාගනිමින් චමින්ද වාස් එම වාර්තාව පිහිටුවා තිබිණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka