gossip lanka

අය වැය යෝජනා නොවැ. 05 : අවසන් ඡන්ද විමසීම දෙසැ. 08 දා

අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන දිනය සංශෝධනය කිරිමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි මෙම තිරණය ගෙන තිබේ.

අය වැය යෝජනාවලිය නොවැම්බර් 08 දා ඉදිරිපත් කර දෙසැම්බර් 08 දා දක්වා පැවැත්විමට මිට පෙර
තිරණය කර තිබු අතර එම දින ප්‍රමාණවත් නොවන බවට විපක්ෂය කළ ඉල්ලිම සලකා මෙම තිරණය ගෙන තිබේ.

නොවැම්බර් මස 08 දා ඉදිරිපත් කිරිමට සැලසුම් කර තිබු අය වැය කතාව ඒ අනුව නොවැම්බර් මස 05 දා ඉදිරිපත් කිරිමට නියමිතය.

දින 26 ක කාලයක් අය වැය විවාදය පැවැත්වෙන අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා විසින් නොවැම්බර් මස 05 දා සවස අය වැය කතාව ඉදිරිපත් කරන අතර පාර්ලිමේන්තුව පස්වරු 2.00 ට රැස්විමට නියමිතය.

දෙවනවර කියවිමේ ඡන්ද විමසිම 14 දා :

නොවැම්බර් මස 07 දා සිට නොවැම්බර් මස 14 දා දක්වා අය වැය දෙවන වර කියවිමේ විවාදය පැවැත්වෙන අතර 14 දා සවස අය වැය දෙවනවර කියවිමේ ඡන්ද විමසිම පැවැත්වෙනු ඇත.

ඉන් පසු අමාත්‍යංශ වැය ශිර්ෂයන් පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වේ. සෙනසුරාදා දිනයන්හිද විවාදය පැවැත්විමට නියමිතය.

දෙසැම්බර් 08 දා අය වැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

(ලංකාදීප)

gossip lanka