gossip lanka

රිෂාඩ් පාන් මිල 5කින් බස්සයි !

පසුගියදා රුපියල් පහකින් ඉහල දමන ලද පාන් ගෙඩියක මිල, ඉදිරි දින කිහිපය තුලදී පෙර පැවැති මිල දක්වා රුපියල් පහකින් පහත හෙලීමට තම සංගමය තීරණය කල බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

අදාළ තීන්දුවට පැමිණියේ විෂයභාර අමාත්‍ය රිෂාඩ්
බදියුදීන් මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව බවද ඔහු කීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"ඊයේ (19) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා අපේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වුනා. එහිදී එතුමා අපිට ඉහල දැමූ පාන්පිටි මිල එම සමාගම් සමග සාකච්ඡා කරලා නැවත පෙර පැවැති මිලටම අරන්දෙන්නම් කියලා කිවුවා. එතුමා ඒ සමගම අපෙන් ඉල්ලාසිටියා පසුගියදා රුපියල් පහකින් ඉහල දැමුනු පාන් ගෙඩියක මිල නැවත අඩුකරන්න කියලා. අපි ඇමතිවරයට පොරොන්දුවුනා පාන් ගෙඩියක මිල රුපියල් පහකින් අඩුකරනවා කියලා. අපි බේකරි කර්මාන්තයේදී මුහුන දෙන ගැටලු සම්බන්ධයෙන්ද එතුමා අපි සමග ඉතා සුහදශීලිව කතාබහකලා අපි මුහුනදෙන ගැටලු සම්බන්ධයෙන් එතුමාගේ අවධානය යොමුවුනා.”

අමාත්‍යවරයා හෙට පිටි මිල රුපියල් 5කින් අඩු කළ හොත් අනිද්දා සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් අඩුකරන බවද ජයවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.


gossip lanka