gossip lanka

යුදහමුදාවටත් අංගම්පොර සටන් පුහුණුව…

කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශයේ සේවයේ නිරත යුද හමුදා නිලධාරීන් වෙත අංගම්පොර සටන් පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීම කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී ඊයේ (19) දින ආරම්භ විය.

ආරක්ෂකක සේනා මූලස්ථානය ආඥාපති මේජර්
ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයක් මත කිලිනොච්චි බල ප්‍රදේශය තුළ රාජකාරි නියුතු යුද හමුදා සාමාජිකයින් හට අංගම්පොර සටන් කළාව පිළිබඳ පුහුණු කිරිමට නියමිත පාඨමාලාවේ ආරම්භක කොට තිබිණ.

යුද්ධ හමුදා අංගම්පොර සංචිතයේ සභාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ අධික්ෂහණය යටතේ පාඨමාලාව පැවැත් වෙන අතර අංගම්පොර සටන් කලා පාඨමාලාවේ ප්‍රධාන උපදේශක වශයෙන් රිටිගල සිංහක්කාර පරපුරේ කලාකීර්ති කලාවිභුෂණ දේවින්ද ලක්සිරි රණසිංහ මහතා කටයුතු සිදුකරනු ලබයි.

කිලිනොච්චිය ආරක්ෂක සේනා නිලධාරීන් 100 දෙනෙකු පළමු අදියර පාඨමාලාවට සහභාගිවීමට නියමිත අතර, පුහුණු සාමාජිකයින් වෙනුවෙන්  ආත්ම ආරක්ෂාක සටන් උපක්‍රමවල නිපුණත්වයක් ලබාදීම, ශාරීරික ශක්තිය, විඳදරා ගැනීම සහ ආත්ම ශක්තිය වර්ධනය කිරීමේ පුහුණව ලබාදීමට නියමිතය.

පුහුණු පාඨමාලාවේ ආරම්භක උත්සවයේදි පැමිණ සිටි යුද හමුදා සාමාජිකයින්හට දැකබලා ගැනිම සඳහා අංගම්පොර සටන් කලාවේ ප්‍රධාන උපදේශක විසින් ඔහු යටතේ සටන් කලාව හදාරනු ලබන පාසල් ළමුන්ගේ අංගම්පොර සටන් කලාවේ ප්‍රදර්ශනයක් ඉදිරිපත් කළහ.

වැඩසටහනට 65  වන සේනාංකයේ සේනාංකාධිපති, කිලිනොච්චිය ආරක්ෂරක සේනා මුලස්ථානය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, යුද හමුදා අංගම්පොර සංවිතයේ ලේඛම් ලුතිතන් කර්නල් රවින්ද්‍ර ජයසිංහ මහතා සහ අංගම්පොර සංචිතයේ භාණ්ඩාගාරික මේජර් ලංකා ඉදිරිසිංහ ඇතුළු බලසේනාධිපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka