gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වීර පදක්කම් සම්මාන ලැබූ ගුවන් නියමුවා අත්අඩංගුවට

හිටපු ජනාධිපතිවරුන් තිදෙනකුගෙන් වීර පදක්‌කම් සම්මාන ලබා ඇති විශ්‍රාමලත් ගුවන් නියමුවරයෙකු නිසි අවසරයකින් තොරව නීති විරෝධීව පැරැණි ගිනි අවියක්‌ සහ ජීවඋණ්‌ඩයක්‌ සඟවා ගෙන දකුණු අප්‍රිකාව බලා ගුවන් ගුවන්ගතවීමට තැත්කිරීමේදී ගුවන් තොටුපළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෞතුක වටිනාකමකින් යුත් පැරණි ගිනි අවියක්‌ (පිස්‌තෝලයක්‌) තම ගමන් බෑගයේ සඟවාගෙන
විදේශගත වීමට ගිය ශ්‍රී ලාංකික ගුවන් නියමුවා භාරයේ තිබී අත්අඩංගුවටගත් එම ගිනි අවිය ස්‌වයංක්‍රීය ගිනි අවියක්‌ නොවන බවත් ඒ සමග අත්අඩංගුවට ගත් ජීව උණ්‌ඩය එම ගිනි අවියට භාවිත කිරිමට නොහැකි බවත් රජයේ රස පරීක්‍ෂකවරයා මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට වාර්තාකොට තිබිණි.

සීදුව අලවතුපිටියේ පදිංචි බී. රොෂෙන් එෂාන්ත මෙන්ඩිස්‌ (55) මහතාට එරෙහි වූ නඩුව මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ පසුගිය 31 දා කැඳවූ අවස්‌ථාවේදී මේ බව අනාවරණය විය.

මෙම විත්තිකරු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 30 ක්‌ සේවය කොට මිශ්‍රාම ගුවන් හමුදා බලඝන නිලධාරියෙකි.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරණායක මහතා මෙම ගිනි අවිය වර්ෂ 1907 දී නිපදවන ලද පැරැණි ගිනි අවියක්‌ බවත් එයට බලපත්‍රයක්‌ තිබුණේ දැයි සෙවීම සඳහා රස පරීක්‍ෂක වාර්තාවක්‌ කැඳවන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්‍ෂණ පැවැත්වෙන බවට ගුවන් තොටුපළ පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අනූශ රූපසිංහ මහතා විසින් ඉදිරිපත් කළ කරුණු අනුව වැඩිදුර විභාගය දෙසැම්බර් මස 10 වැනි දින දක්‌වා කල් තැබීය. ඒ අනුව වැඩිදුර විභාගය දෙසැම්බර් මස 10 වැනි දින පැවැත්වේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka