gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමැතිනී ආනන්දි සෂිහරන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි

උතුරු පළාත් සභාවේ වනිතා කටයුතු හා පුනරුත්ථාපන කටයුතු බාර ඇමතිනී ආනන්දි  සෂිහරන් මහත්මිය ඊයේ (02) දහවල් යාපනය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබේ.

අමාත්‍යවරිය හදිසියේම ක්ලාන්ත වීම නිසා ඇයව රෝහල් ගත කොට ඇති අතර යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසා ඇත්තේ අධික ආතතිය නිසා ඇමතිවරියගේ රුධිර පීඩනය ඉතා විශාල
වශයෙන් ඉහළ ගොස් ඇති බවයි.

අමාත්‍යවරිය ඊයේ  සවස රෝහලෙන් පිටව ගොස් විවේක ගැනීමට වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇතත් වෛද්‍යවරු ඊට අවසර ලබා දී නොමැත.

යාපනය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය බාර වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේ අමාත්‍යවරියගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නිගමනයකට පැමිණීම සදහා වෛද්‍ය පරීක්ෂණ ගණනාවකටම ඇයව ලක්  කොට ඇති අතර ඒවායෙහි වෛද්‍ය වාර්තා සියල්ල ලැබී අවසන් නිගමනයකට පැමිණෙන තුරු අමාත්‍යවරිය රෝහලෙන් නිදහස් කළ නොහැකි බවයි.

(දිනසේන රතුගමගේ)

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka