gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාන් කොත්තු ඇතුළු බේකරි කෑම මිල ඉහළ යයි

අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දැමූ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

ප්‍රීමා ශ්‍රී ලංකා සමාගම විසින් පාන්පිටි කිලෝවක මිල ඉකුත් පළමුවැනිදා සිට වැඩි කිරීම හේතුවෙන් පාන් ඇතුළු සියලුම බේකරි කෑම වර්ගවල මිල අද සිට
ඉහළ නැංවීමට කටයුතු යොදා ඇත.

බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා බිත්තර, මාගරින්, අල, ලූණු මිල ඉහළ යෑම, රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5ත් 10ත් අතර ප්‍රමාණයකින්ද, පේස්ට්‍රි, පැටිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 1-5ත් අතර ප්‍රමාණයකින්ද අද (03දා) සිට මිල ඉහළ නංවන බව එම සංගමය පවසයි .
මේ අතර කොත්තුවක මිලද රුපියල් 05 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka