gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාන්තාවන් 25% ක් පැරණි ක්‍රමයට

පැරණි සමානුපාතික ක්‍රමයට 25% කාන්තා නියෝජනය ඇතුළත් කර පළාත් සභා ඡන්ද පැවැත්වී සඳහා, ආණ්ඩුව අභ්‍යන්තරයෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ඇත.

එජාපය මෙන්ම ශ්‍රීපනිපය හැර ආණ්ඩුවට සහාය දෙන පක්ෂද නව මිශ්‍ර ඡන්ද ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම නිසාත් නව ක්‍රමයට අදාළ සීමානීර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වීම නිසාත් ඡන්ද පැවැත්වීමේ විකල්පයක් ලෙස එජාපයේ
මූලිකත්වයෙන් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

මෙවර පළාත් සභා මැතිවරණ සඳහා පමණක් එවැනි ක්‍රමයක් නීතිගත කර ඉන්පසු නව මිශ්‍ර ක්‍රමය (අඩුපාඩු සකස්කර) යොදාගත හැකි බව එම යෝජනාව ඉදිරිපත් කළ පාර්ශ්වයේ අදහස වී තිබේ.

උතුරු මැද, නැගෙනහිර හා සබරගමුව යන පළාත් සභාවල නිල කාලය මේ වන විට අවසන් වී ඇති අතර උතුර, වයඹ හා මධ්‍යම පළාත් සභාවල නිල කාලය මෙම සැප්තැම්බර් මාසය අවසන් වීමට නියමිතය.

පළාත් සභා ඡන්ද පැවැත්වීම පිළිබඳව විමසීමේදී, පැරණි සමානුපාතික ක්‍රමයට යාම එක්සත් ජාතික පෙරමුණේ අදහස බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

(අනිද්දා)



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka