gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොල් ඉඩම් ලියාපදිංචිය ගූගල් තාක්ෂණයෙන්

ගූගල් තාක්‍ෂණයෙන් පොල් ඉඩම් ලියාපදිංචිය ලබන 02වැනිදා ආරම්භ කරන බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසයි.

ඉඩම් අක්කර 05 හා 10 වශයෙන් ගෙන මුල් අදියරේ ලියාපදිංචි කටයුතු සිදුකරන බවත්, සමස්ත දිවයිනේ ඇති පොල් ඉඩම් ලියාපදිංචිය මාස 06කදී අවසන්
කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.

ඉඩම් මැනීමේ වැඩසහන මගින් පාලු ඉඩම්,කෘමි හානි ඇති ඉඩම්,සරු පලදා ඇති ඉඩම් හඳුනාගැනීමට කටයුතු යොදා ඇතැයිදඒ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව තුළ 2014 වනවිට පොල් ඉඩම් අක්කර 1,040,000ක් පැවැති බවත්, තුන්වැනි පොල් ත්‍රිකෝණය2015දී උතුරු නැගෙනහිර ආරම්භ කළ පසුව තවත් පොල් අක්කර ලක්‍ෂයක් අලුතෙන් එක්ව තිබෙන බවත් කපිල යකන්දාවල මහතා පවසයි.

සැප්තැම්බර් 02 වැනිදාට යෙදෙන 'ජාත්‍යන්තර පොල් දිනය' නිමිත්තෙන් සැමරුම් සතියක් ප්‍රකාශයට පත්කර තිබෙන බවද සභාපතිවරයා සඳහන් කරයි.

කථානායක කරු ජයසූරිය හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්එහි සමාරම්භය 02 වැනිදා පෙරවරු 9.00ට පාර්ලිමේන්තු  පරිශ්‍රයේ පොල්පැළ රෝපණය කරමින් ආරම්භ කරන බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

මෙවර පොල් සතියේදී දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි පාසල් පරිශ්‍රවල පොල්පැළ සිටුවීමේ වැඩසටහන් 250ක්, ක්‍ෂේත්‍ර වැඩසටහන් හා කප්රුක ව්‍යාපෘති 250ක් ඇතුළුව පොල් වගාවේ ප්‍රවර්ධනය උදෙසා වැඩසටහන් දහසක් සංවිධානය කර තිබෙන බවද හෙතෙම පවසා සිටියි.

හොඳම පොල් ගොවියා හා කාර්යක්‍ෂම පොල් සංවර්ධන නිලධාරියා තේරීම ඇතු‍ළු වැඩසටහන් කිහිපයක්ද ජාත්‍යන්තර පොල් දින සැමරුම් සතියේදී සංවිධානය කර ඇතැයි කපිල යකන්දාවල මහතා ප්‍රකාශ කරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka