gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විජයකලා ගැන පරීක්ෂණ වාර්තාව නීතිපතිට

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට කාන්තා හා ළමා කටයුතු හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිසිය කළ පරීක්ෂණ මේ වන විට අවසන්ව ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට පරීක්ෂණ වාර්තාව අද හෙටම නීතිපතිවරයාට යැවීමට කටයුතු කරගෙන යන බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ
අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් යාපනටය ගොස් මේ පිළිබඳව පරීක්ෂණ කළ අතර පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ මේ පිළිබඳව එහිදී ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

ප්‍රශ්න කළ වැඩි දෙනෙක් විජයකලා මහේෂ්වරන් මහත්මිය ඒ ප්‍රකාශය කළ රැස්වීමේ සිටි අය වෙති.

මේ අතර විජයකළා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා ද නීතිපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවැසුවේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණූ පසුව පොලිසිය විජයකලා මහත්මිය සම්බන්ධයෙන් සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka