gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බයිසිකලේට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී


පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව සඳහා බයිසිකලය ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු 23 දෙනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ ඡන්ද පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගෙන ඇත.

මෙම පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති
විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අනිල් ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දන්වා සිටියේ මෙහි වග උත්තරකරුවන් සමහරක් ඉල්ලා අස්වී ඇති බැවින් අලුත් පෙත්සමක් ඉදිරිපත් කිරිමට යටත්ව පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව දැන්වීය.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අධිකරණය අනතුරුව පෙත්සම නිෂ්ප්‍රභ කිරිමට තීරණය කළේය.

මහරගම නගර සභා බල ප්‍රදේශයේ පදිංචි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ බයිසිකලය ලකුණේ තරගකොට මහරගම නගර සභාව සදහා තේරී පත්වූ අපේක්ෂකයින් ගෙන් බහුතරය මහරගම නගර සභා බල ප්‍රදේශයට පරිබාහිර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

පලාත් පාලන මැතිවරන පනත අනුව යම් පළාත් පාලන ආයතනයක් සඳහා තේරීපත් විය හැක්කේ එම පළාත් පාලන ආයතන සීමාව තුළ පදිංචි කරුවන්ට පමණක් බව සඳහන් කළ පෙත්සම්කරුවන් බයිසිකලය ලකුණෙන් තේරීපත් වූ පිරිසෙන් බහුතරය මහරගම ප්‍රදේශයෙන් බැහැර පදිංචි කරුවන් බැවින් ඔවුන්ට සභාවේ මන්ත්‍රී ධූරයක් දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව කියා සිටියේය.

එවැනි නුසුදුසු පුද්ගලයින් බයිසිකලය ලකුණෙන් ඉදිරිපත්වූ නාමයෝජනා පත්‍රයේ ඇතුළත්ව සිටින බැවින් එම කණ්ඩායමේ තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ පත්වීම් බලරහිත කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka